
(කේ. බුද්ධික කුමාරසිරි)
මත්ද්රව්ය චෝදනාවක් සම්බන්ධයෙන් හෝමගම පොලිසියේ නිලධාරීන් විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන සිර මැදිරියෙහි රදවා ගෙන සිටි තරුණයකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කර ඇතැයි තරුණයාගේ ෙ ඥාතීහු චෝදනා කරති.
මෙලෙස මිය ගොස් ඇත්තේ අංක මුනමලේවත්ත, කිරිවත්තුඩුවේ ඉෂාර හර්ෂ කුමාර නැමැත් 29 හැවිරිදි එක්දරු පියෙකි.
අත්අඩංගුවට පත් තරුණයාගේ ඥාතීන් පිරිසක් හෝමාගම මූලස්ථාන පොලිසියට ගිය අවස්ථාවේ අපරාධ විමර්ශන අංශයට රැගෙන ගොස් සිටි ෙ තරුණයා පොලිස් නිලධාරීන් හතර දෙනකු යළි ඔසවාගෙන පැමිණි බවත් පොලිස් නිලධාන් පහරහරදීමෙන් මෙම තරුණයා මියගොස් ඇති බවත් ඥාතීහු චෝදනා කරති.
පොලිස් සිර මැදිරියෙහි වැතිර සිටි තරුණයා ඥාතීන්ගේ ඉල්ලීම මත හෝමාගම පොලිසිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළත් ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව ද ඥාතීහු පවසති.
එබැවින් මියගිය තම ඥාතියාට සිදුවූ අසාධාරණය වෙනුවෙන් යුක්තිය ඉටු කර දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති
මියගිය තරුණයාගේ ඥාතීන් හෝමාගම මූලික රෝහල් භූමියේදී කලබලකාරී ලෙස හැසිරීම නිසාවෙන් අවට පොලිස් ස්ථානවල නිළධාරීන් පිරිසක් රෝහල් භූමියට කැඳවීමටද පොලිසිය කටයුතු කර තිබුණි.
මේ හේතුවෙන් එම ස්ථානයේ දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.
සම්බන්ධයෙන් පොලිසියෙන් සිදුකළ විමසීමේදී අදාල චෝදනාව ප්රතික්ෂේප කරන බවත් සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බවත් හෝමාගම පොලිස් අධිකාරී කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd